නීති විරෝධීව මෙරටට රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 04 ග්‍රෑම් 855ක තොගයක් සමඟ බ්‍රසීල ජාතිකයෙක් අද (20) අලුයම කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක ගුවන්තොටුපොළේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙක්.

රේගු නිලධාරීන් සඳහන් කලේ එම කොකේන් තොගයේ වටිනාකම රුපියල් 24,300,000ක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *