ගාල්ල ඉමදූව අඟුලුගහ හන්දියේදී අද (26) උදෑසන බස් රථ 3ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
අනතුරට ලක්ව ඇත්තේ පුද්ගලික මගී ප්‍රවාහන බස් රථ 2ක් සහ කාර්යයාල සේවකයන් ප්‍රවාහනය කරන ලබන බස් රථයක් බවයි වාර්තා වන්නේ.
එම අනතුරින් පුද්ගලයන් 29දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
තුවාල වූ පුද්ගලයන්ගෙන් 23දෙනෙක් ඉමදුව රෝහලටත් තවත් පුද්ගලයන් 6දෙනෙක් කරාපිටිය රෝහලටත් ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.


