ඡන්ද කාඩ්පත් 85ක් සාමඟ සර්වජන බලය පක්ෂයෙන් පුත්තලම මහ නගර සභාව සඳහා තරඟ වදින අපේක්ෂිකාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ සැකකාරිය සන්තකයේ තිබී පළාත් පාලන ඡන්දය සඳහා පුත්තලම තේරීම් භාර නිලධාරී නිකුත් කරන ලද ඡන්ද කාඩ්පත් එලෙස සොයා ගත් බවයි.

අදාළ ඡන්ද කාඩ්පත් තැපැල්කරු විසින් ඇයට ලබා දී ඇතැයි අනාවරණය වී ඇති අතර සැකකාර තැපැල්කරු ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *