නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරෙන් මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති බව නොර්වුඩ් පොලීසිය ප්‍රකාශ කළා.

නව රියදුරු බලපත්‍රයක් ලබාගෙන ඇති කාන්තාවක් විසින් මොටර් රථය ධාවනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ධාවනය වෙමින් තිබූ මොටර් රථය කාන්තාවගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී ඇති බවට සැකකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

(rednews)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *