Category: LOCAL NEWS

ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අද (11) අලුයම රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ පිරිස් වෙත සිය ශෝකය පළ කරමින්.…

ට්‍රම්ප්ගෙන් ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නියෝගයක්

ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 20,000ක් බඳවා ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ ඇමරිකාවේ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහය වීම සඳහා බවයි…

ලක්ෂ 600ක විදේශීය දුම්වැටි තොගයක් කටුනායකදී අල්ලයි

රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රේගු නිලධාරීන් පැවසුවේ මෙය මෑතකාළීන ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම බවයි. ගුවන් යානයකින්…

ප්‍රවීන රංගන ශිල්පිනියක් අත්අඩංගුවට

ප්‍රවීන රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළවයි.

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී තිබෙනවා. ඔහු එම ධූරයේ වැඩ භාරගනු ලැබුවේ පසුගිය වසරේ සැප්තැම්බර් 26 වනදායි.

ප්‍රදේශ රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලත් අද (11) පස්වරු 1.00න පමණ පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…

ආමර් විථීයේ තවත් ගින්නක්

කොළඹ ආමර් විථීයේ මීරානිය පෙදෙසේ යකඩ බඩු අලෙවිසැල් පෙළක ගින්නක් හටගෙන තිබෙනවා. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ දෙකක් යොදවා ඇති බවයි. (rednewsalert.lk)

වොක්ෂල් වීදියේ ගොඩනැගිලි දෙකක ගින්නක්

කොළඹ වොක්ෂල් වීදියේ පිහිටි අවන්හලක සහ ඒ අවට තවත් ගොඩනැගිල්ලක ගින්නක් හට ගෙන තිබෙනවා. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලේ ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ…

වෙසක් සතියේ සුරාසැල් වැසෙන දින මෙන්න

වෙසක් සතියේ දින 3ක් දිවයිනේ සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මැයි 12,13,14 දින තුනෙහි සුරාසැල් වසා තබන බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. (rednewsalert.lk)

පොහොට්ටුවට නව මෙහෙයුම් ප්‍රධානියෙක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මෙහෙයුම් ප්‍රධානියා ලෙස හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පත් කර තිබෙනවා. එම පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කළේ ඊයේ රැස් වූ දේශපාලන මණ්ඩලයේ දී මෙම…