Category: WORLD NEWS

ජර්මනියේ නත්තල් වෙළෙඳපොළක සිදු වූ අනතුරින් දෙදෙනෙක් ජීවිතක්ෂයට

නැගෙනහිර ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් වෙළෙඳපොළකට මෝටර් රථයක් කඩා වැදීමෙන් ඊයේ (21) අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම අනතුරින් කුඩා දරුවෙක් ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.…

නයිජීරියාවේ නත්තල් විනෝද උත්සවයකදී දරුවන් 35කට දිවි අහිමිවෙයි

නයිජීරියාවේ ඉබාදාන් නගරයේ පැවති නත්තල් විනෝද උත්සවයක ඇති වූ ගැටුමකින් කඩා දරුවන් 35දෙනෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ උත්සවයේ සංවිධායකයන් මුදල් සහ ආහාර ලබාදෙන බවට පොරොන්දු වී…

මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 13ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක් වී තිබෙනවා. ඒ එරට නාවික හමුදා බෝට්ටුවක් ගැටීමෙන්. මෙම අනතුරින් පුද්ගලයන් 13දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

රුසියානු ආරක්ෂක ප්‍රධානියෙක්ට දිවි අහිමි වෙයි

රුසියාවේ මොස්කව් නගරයට ආසන්නයේ නිවාස සංකීර්ණයක් අසල පිපිරීමකින් සිදුව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි. ඒ අතර රුසියාවේ විකිරණ රසායන හා ජීව රසායන ආරක්ෂක බළකායේ…

දකුණු කොරියාවේ ජනාධිපතිට ධූරය අහිමි වෙයි

දකුණු කොරියාවේ ජනාධිපති යුන් සුක් යෝල්ට සිය ධූරය අහිමි වී තිබෙනවා. ඒ දකුණු කොරියාව තුළ යුද නීතිය ප්‍රකාශ කිරීමට එරෙහිව ජාතික සභාව ඉදිරිපත් කළ දෝෂාභියෝගය විපක්ෂය ජයග්‍රහණය කිරීමත් සමඟයි. එම…

සිරියාවට ගුවන් ප්‍රහාර රැසක්

ඊශ්‍රායලය විසින් සිරියාවේ අල් බයිඩා සහ ලටාකියාහි වරායන්වලට ගුවන් ප්‍රහාර රැසක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරවලින් වරායට විශාල හානියක් සිදුවී නාවික යාත්‍රා 15ක් සම්පූරණයෙන්ම විනාශ වී…

දකුණු කොරියානු ජනාධිපතිට විදෙස් ගමන් තහනමක්

දකුණු කොරියානු ජනාධිපති යුන් සොක් යෝල්ට කොරියානු බලධාරීන් විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ පසුගිය 3වනදා කෙටිකාලීනව එරට යුධ නීතිය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුව විමර්ශනවලට ලක්කිරීම හේතුවෙන්. පසුගියදා ඔහුට…

ඉන්දියාවේ පාසල් 40ක් තාවකාලිකව වැසෙයි

ඉන්දියාවේ පාසල් 40කට අධික සංඛ්‍යාවක් තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබෙනවා. ඒ බෝම්බ තර්ජන සම්බන්ධයෙන් ලද තොරතුරු හේතුවෙන්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (08) රාත්‍රී කාලයේ සහ අද (09) උදෑසන…

දකුණු කොරියාවේ ආරක්ෂක අමාත්‍යවරයා අස්වෙයි

දකුණු කොරියානු ජනාධිපතිවරයා විසින් එරටට හදිසි යුද නීතිය පැනවීමට ගත් තීරණයත් සමඟ රට තුළ මතුව ඇති අර්බුදය හේතුවෙන් එරට ආරක්ෂක අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා…

ඉම්රාන් ඛාන් දින දින 14කට සිරගෙදරට

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එරට ත්‍රස්ත විරෝධී අධිකරණයක් නියෝග කර තිබෙනවා. ඒ ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂය විසින් මෑතකදී කරන ලද විරෝධතාවලට සම්බන්ධ නඩු 7කට…