පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක විසින් 2024 වසරේ පොලිස් පරීක්ෂකවරු බඳවා ගැනීමේදී සිදුවී ඇති බව කියන අක්‍රමිකතාවක් පිළිබඳව අද (04) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පසුගිය 2024 වසරේදී ගැසට් නිවේදනයක් මඟින් පොලිස් සේවය සඳහා බඳවා ගැනීම වෙනුවෙන් ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව සිදු කළ යෝග්‍යතා පරීක්ෂණවලින් පසුව ඒ සඳහා සුදුසුකම් ලැබූ 100 දෙනෙක් සඳහා පත්වීම් ලබා දීමට පසුගිය වසරේ නොවැම්බර් මස සැළසුම් කර තිබූ බවයි.