චීන ආර්ථික වර්ධන පුරෝකථනය ස්ථාවරව පවත්වා ගෙන යන බව “2024 ආසියානු සංවර්ධන දැක්ම” වාර්තාව නිකුත් කරමින් ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කළා.
ආසියා ශාන්තිකර කලාපයේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්හි මෙම වසරේ වර්ධන පුරෝකථනය 5.0%ක සිට 4.9%ක් ලෙස සකස් කර තිබෙනවා.
එමෙන්ම 2025 වසරේ වර්ධන පුරෝකථනය 4.9%ක සිට 4.8%ක් ලෙස වෙනස් කර ඇති බවයි වර්තා වන්නේ.
මේ අතර 2024 සහ 2025 වසරවල චීන ආර්ථික වර්ධන පුරෝකථනය පිළිවෙලින් 4.8%ක සහ 4.5%ක පවතින අතර එය පෙර පුරෝකථනය පරිදි සමානව පවත්වා ගෙන යන බව අදාළ වාර්තාවේ සඳහන්.