ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද (30) රාත්‍රී 7.00 දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන්.
මෙම සුළි කුණාටුව පැයට කිලෝ මීටර් 90ක පමණ වේගයකින් අද පස්වරුවේ පුදුචේරි නගරයට ආසන්න ගොඩබිමට ළඟා වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.