චීනය විසින් නිෂ්පාදනය කළ “Tansuo 3” නමැති ගැඹුරු සහ ඈත මුහුදු බහුකාර්ය විද්‍යාත්මක පර්යේෂණ නෞකාව චීන‍යේ Guangzhou නගරයේ Nansha ප්‍රදේශයේ සිට සිය මංගල ගමන ආරම්භ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම නෞකාව සමස්ත පෘථිවි ගෝලය ආවරණය වන පරිදි ගැඹුරු සහ ඈත මුහුදු කලාපයන්හි ගවේෂණ සිදු කිරීම මෙන්ම ධ්‍රැවාශ්‍රිත අයිස් කලාපයන්හි ගවේශණයට අවශ්‍ය ගැඹුරු කිමිදුම් සඳහා සහය වීමේ හැකියාවෙන්ද යුත් චීනයේ ප්‍රථම විද්‍යා ගවේෂණ නෞකාව බවයි.

එම නෞකාව සංස්කෘතික පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා යෙදවීමට නියමිතව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ “Tansuo 3” නෞකාවේ දිග මීටර් 104ක් පමණ වන අතර එහි ජලෝත්පීඩන පරිමාව ටොන් 10,000ක් පමණ වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *