කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.

2025 පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂිකාවක් වූ ව්‍රායි කැලී බල්තසාර් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස පසුගිය (16) දින ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය තේරී පත්වුණා.

ඒ අනුව ඇය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *