ප්‍රේමසිරි රත්නායක බෞද්ධ කටයුතු කොමසාරිස් ධූරයෙන් ඉවත්කර තිබෙනවා.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක සඳහන් කළේ කැබිනට් මණ්ඩල යෝජනාවක් මඟින් ඔහු ඉවත්කළ බවයි.

එම පියවර ගෙන ඇත්තේ රාජකාරිය නිසි පරිදි ඉටු නොකිරීම හේතුවෙන්.

2024 වසරේ ජනවාරි මාසයේදී ඔහු එම ධූරයට පත්කර තිබෙනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය කාලයේ ඔහු සම්බන්ධයෙන් එල්ලවූ චෝදනා සැළකිල්ලට ගෙන එම ධූරයෙන් ඉවත්කිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව මේ වන විට වැඩ බලන කොමසාරිස්වරයා ලෙස කසුන් වැල්ලහේවා පත්කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *