රට තුළ මේ වන විට වී හිඟයක් මතුව තිබෙන බව සුළු හා මධ්‍යම පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති යූ. කේ. සේමසිංහ සඳහන් කළේ ඒ හේතුවෙන් සිය කර්මාන්ත කඩා වැටීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවයි.
මේ අතර රත්නපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ගොවීන්ට සිය ගොවිතැන් කරගෙන යාමට අවශ්‍ය පොහොර නොමැති වීම හේතුවෙන් එම ගොවීන් පිඩාවට පත්ව තිබෙනවා.