කෲස් වර්ගයේ මගී නෞකාවක් අද (13) හම්බන්තොට වරායට පැමිණ තිබෙනවා.
ඒ ඉන්දියාවේ චෙන්නායි නුවර සිට.
එම නෞකාව අද හමබන්තොට මාගම්පුර වරායේ නැංගුරම්ලා තිබීමට නියමිතයි.
ඉන්දියානු සංචාරකයන් 1,800කට අධික පිරිසක් එම නෞකාවෙන් මෙරටට පැමිණ ඇති අතර ඔවුන් යාල, හම්බන්තොට ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට පිටත්ව තිබෙනවා.
ඒ අනුව මෙම නෞකාව හෙට රාත්‍රියේ ත්‍රිකුණාමලය වරායේද, අනිද්දා රාත්‍රියේ කන්කසන්තුර වරායේද නැංගුරම්ලා තැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.