සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ බස්නාහිර පළාත් සභාව එක්ව දින තුනක් පුරා ක්‍රියාත්මක කෙරෙන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන නුගේගොඩ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේදී ආරම්භ වී තිබෙනවා.

මේ අවස්ථාවේදී පළාත පුරා ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නිරීක්ෂණය කරන නිලධාරීන්ට අත්පත්‍රිකා ප්‍රදානය කිරීම සිදු කළ අතර, බස්නාහිර පළාතේ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ගුවනේ සිට හඳුනා ගැනීමට ඩ්‍රෝන යානා තාක්ෂණය යොදාගැනීම ද විශේෂ අවස්ථාවක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *