දිවයින පුරා මේ වන විට පවතින අධික වර්ෂාපතන කාලගුණයත් සමඟ ඩෙංගු යළි ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.

ඒ හේතුවෙන් අද (27) සිට දින 3ක් පුරාවට දිස්ත්‍රික්ක 8ක විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මඩකලපුව, ත්‍රිකුණාමලය, මාතලේ සහ මාතර යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම මදුරු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කළේ එම අවධානම් තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂ මදුරු මර්දන වැඩසටහන ලබන 29වනදා දක්වා ක්‍රියාත්මක බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *