කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා ධාවනය කරමින් සිටි දුම්රියක් කොග්ගල දුම්රිය ස්ථානයේදී නවත්වා ඉවත්ව ගිය දුම්රිය රියැදුරාගේ සේවය අත්හිටුව තිබෙනවා.

අදාල රියැදුරු, තමාට අසනීප යැයි පවසා කොග්ගල දුම්රිය ස්ථානයේ දුම්රිය නවතා ගොස් ඇති අතර, දුම්රියේ සිටි මගීන් 500 කට අධික සංඛ්‍යාවක් එහිදී දැඩි අපහසුතාවට පත්ව තිබුණා‍.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළගේ සඳහන් කළේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එම සිද්ධිය සම්බන්ධව පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *