දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනට බාධා සිදුවී තිබෙනවා.

ඊයේ (05) රාත්‍රියේ මරදාන සිට දකුණු කළුතර දක්වා පැමිණ ඉන් අනතුරුව දුම්රිය අංගනය වෙත ගමන් කළ දුම්රියක් එලෙස පීලිපැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට එම පීලිපැනීමකට ලක්වූ දුම්රිය ඉවත්කර ඇති අතර උදෑසන වනතෙක් එක් දුම්රිය මාර්ගයක් අවහිරව පවතින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව දකුණු කළුතර දුම්රිය ස්ථානයෙන් ධාවනය වන සියලුම දුම්රියන් එක් මන්තිරුවකට සීමා වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *