නීති විරෝධී ලෙස ගෙනා දුම්වැටි කාටූන් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වරාය උප ඒකකයේ සේවයේ නිරත උප පොලිස් පරීක්ෂකවරයයෙක්ගේ සහ පොලිස් කොස්තාපල්වරයෙක්ගේ වැඩ තහනම් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ නීති විරෝධී ලෙස මෙරටට දුම්වැටි ගෙනා පුද්ගලයෙක් දුම්වැටි කාටුන් 290ක් සමඟ අත්අඩංගුවට ගෙන එයින් දුම්වැටි කාටුන් 150ක් පමණක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත්කර ඉතිරි දුම්වැටි කාටුන් 140 වෙනත් පුද්ගලයෙක්ට ලබාදීම සම්බන්ධයෙන් මේ දෙදෙනාට චෝදනා එල්ලවී තිබෙන බවයි.
එම දුම්වැටි තොගය අතරින් දුම්වැටි කාටුන් 150ක් පමණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ඉදිරිපත් කර ඇත්තේ පසුගිය 20 වනදා කළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ සටහන්ද තබමින් බවයි වාර්තා වන්නේ.