තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබෙන නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඉදිරිපත්කර තිබෙන පෙත්සම සලකා බැලීම සඳහා ලබන 30වනදා කැඳවන ලෙස නියම කර තිබෙනවා.
මෙම නියෝගය ලබාදී ඇත්තේ අදාළ පෙත්සම අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
ඇප ප්‍රතික්ෂේප කිරීමට අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවේ පිටපත මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති හෙයින් මෙම පෙත්සම සම්බන්ධයෙන් තමාට කිසිඳු නියෝගයක් නිකුත් කළ නොහැකි බව එහිදී මහාධිකරණ විනිසුරුවරිය පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව අදාළ ඇප තීන්දුවේ පිටපතක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මහාධිකරණ විනිසුරුවරිය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරුව අදාළ පෙත්සම සලකා බැලීම ලබන 30වනදා දක්වා කල් තැබුණා.