කුරුණෑගල දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් බස් රථයක ගැටී ඊයේ (25) අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ මහනුවර කුරුණෑගල මාර්ගයේ කටුගස්තොට ප්‍රදේශයේදීයි.
පොලීසිය සඳහන් කළේ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පසුපදිකරු කටුගතොට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී යතුරුපැදිකරු මියගොස් ඇති බවයි.
ජිවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 22ක් වන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව කටුගස්තොට පොලීසිය සඳහන් කළා.