හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තිදෙනෙක්ට මරණීය දණ්ඩනය නියම කර තිබෙනවා.

ඒ කොළඹ මහාධිකරණය විසින්.

2018 වසරේදී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහු දින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 179කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් මෙම දඬුවම නියම කර තිබෙනවා.

එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනෙක් නිදොස් කොට නිදහස් කිරීමටද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *