චීන AI ආරම්භකයා වශයෙන් deepseek ලෝකයට හඳුන්වාදී තිබෙනවා.
ඒ අනුව මෙම AI ආකෘතිය මුළු තාක්ෂණික ලෝකයම මවිත කිරීමට සමත්වී තිබීම විශේෂත්වයක්.
ඔවුන්ගේ නව AI ආකෘතිය GPT – 4 කාර්ය සාධනයට ගැළපෙන බවත් එහි පුහුණු පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 6ක් බවයි වාර්තා වන්නේ.
DeepSeek – R1 දැනටමත් ඇමරිකා එක්සත්ජනපදය සහ චීනයේ යෙදවුම් වෙළෙදසැල් ශ්‍රේණිගත කිරීම්වල ChatGPT අභිබවා ගොස් තිබෙනවා.
එමෙන්ම NVIDIA එක්සත් ජනපද කොටස් වෙළඳපොළ ඉතිහාසයේ විශාලම තනි දින වෙළෙඳපොල වටිනාකම පහත දැමීමටද මෙම චීන යෙදවුම් ආකෘතිය සමත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ OpenAIහි සෑම් අල්ට්මන්ට පවා DeepSeekහි ජයග්‍රහණය පිළිගැනීමට සිදුවූ බවයි.