රුසියා – යුක්‍රේන යුද්ධය සමථයකට පත්කිරීම සඳහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙහෙයවීමෙන් තවදුරටත් සාකච්ඡා සිදුවෙමින් පවතිනවා.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සහ යුක්‍රේන ජනාධිපති වොල්දෝමීර් සෙලෙන්ස්කි ප්‍රංශයේ එලිසි මාළිගයේදී හමුවී මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ඇමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීත් ස්ටාමර් හා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට මේ වන විටත් කිසිවක් සිදුකර නැති බවයි.

එමෙන්ම එළඹෙන සතියේදී ප්‍රංශ ජනාධිපතිවරයා සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඇමෙරිකාවේ ධවල මන්දිරය වෙත පැමිණීමට නියමිත බවද වාර්තා වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *