ලබන 30වනදා ජුලි මස 05වනදා දක්වා දිස්ත්‍රික් 16ක ඩෙංගු මර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධ ඒකකය තීරණය කර තිබෙනවා.

පවතින නිරිත දිග මෝසම් වර්ෂාපතන තත්ත්වයත් සමඟ මදුරු ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම මදුරු මර්ධන සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 26,000කට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ ඩෙංගු රෝගය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 14ක් වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *