දේශබන්දු තෙන්නකෝන් ලබන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබෙනවා.
ඒ අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් දින 20ක කාලයක් සැඟව සිට පසුගිය 19 වනදා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාර වී තිබුණා.