පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මැයි මස 19වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබෙනවා.
මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ පොලිස්පති ටී. එම්. ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව විසිනුයි.
අදාළ කමිටුව විසින් දේශබන්දු තෙන්නකෝන්ට ඉදිරි විමර්ශන සඳහා මෙම කමිටුව ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම්දුන් පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.
මෙම විමර්ශන වෙනුවෙන් අදාළ කමිටුව මේ වනවිට දින කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්ව තිබෙනවා.
(rednewsalert.lk)