ඩොලර් බිලියන 400ක වත්කමක් ඉක්මවා යන වත්කමක් හිමි ලොව පළමු ධනවත්ම පුද්ගලයා බවට පත්වීමට ඊලෝන් මස්ක් සමත් වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු සතු සමාගමක් වන SpaceX අභ්‍යන්තර කොටස් විකිණීම මඟින් ඔහුගේ වත්කම ඩොලර් බිලියන 50කින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම ටෙස්ලා සමාගමේ කොටස්ද පසුගියදා සිය ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණීමත් සමඟ මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 447ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඔහුගේ එක් දිනක වත්කම් වර්ධනය ඩොලර් බිලියන 62.8ක් බවයි වාර්තා වන්නේ.