ධීවරයන්ට රක්ෂණයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ධීවර නියෝජ්‍ය ඇමති රත්න ගමගේ පවසනවා.
ධීවර නියෝජ්‍ය ඇමති කියාසිටියේ ඒ සඳහා මේ වනවිටත් රක්ෂණ සමාගමක් එකඟතාවය පළකර ඇති බවයි.
ඔහු ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් සඳහන් කළේ එළඹෙන අයවැයෙන් පසු ධීවරයන් සඳහා මෙම රක්ෂණය ලබාදීමට නියමිත බවයි.
එමෙන්ම පුර්ණ සහ අර්ධ දේපළ හානිවලදී මෙන්ම ජීවිත හානි වලදී මෙම රක්ෂණය මඟින් ප්‍රතිලාභ ලබා දීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.