ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (06) වරෙන්තුවක් නිකුත් කළා.
එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ඩයනාගමගේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි විසින් මෙම වරෙන්තු නිකුත් කිරීම සිදුකර තිබෙනවා.