නාරහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 05 සහ 06 යන දෙදින වසා තැබීමට නියමිතව තිබෙනවා.

එහිදී සඳහන් වන්නේ කොළඹ 05, ඇල්විටිගල මාවත, මෝටර් රථ දෙපාතමේන්තුවේ ප්‍රධාන කාර්යාලය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට නියමිත බවයි.

ඒ අනුව ඡන්ද විමසීම පැවැත්වෙන මැයි මස 6වනදා සහ ඊට පෙර දින නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සාමාන්‍ය රාජකාරි සඳහා වසා තැබෙන බව මහජනතාව වෙත දැනුම් දී තිබෙනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *