ජපානයේ හොක්කයිඩෝ වෙරළට ඔබ්බෙන් අද (22) අළුයම රික්ටර් මාපක 6.0ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
මෙය ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පැවසූ බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම භූ කම්පනය කිලෝමීටර් 10ක් (සැතපුම් 6.21ක) පොළොව ගැඹුරින් සිදු වී ඇති බවයි.
මේ සම්බන්ධයෙන් කිසිඳු හානියක් හෝ සුනාමි අනතුරු ඇඟවීමක් වාර්තා වී නොමැත.