රුසියාවේ කුරිල් දූපත් ආසන්නයේ අද (03) භූමිකම්පාවක් සිදුවී තිබෙනවා.

එය රික්ටර් මාපකයේ 7.0ක ප්‍රබලත්වයෙන් යුත් බවයි වාර්තා වන්නේ.

රුසියානු හදිසි සේවා අමාත්‍යාංශය විසින් මේ හේතුවෙන් කම්චැට්කා අර්ධද්වීපයට සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකුත් කර තිබෙනවා.

කෙසේ වෙතත් අපේක්ෂා කළ මට්ටමට මුහුදු රළ පැමිණ නොමැති හෙයින් පසුව එම අනතුරු ඇඟවීම ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *