අස්වැසුම පවුල්වල සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ දීමනාව අද (28) අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කරන බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව ප්‍රතිලාභීන් 599,730දෙනෙක් සඳහා රුපියල් කෝටි 299ක මුදලක් වෙන්කර තිබෙනවා.