සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන් මැතිවරණ කොමිසමට කැඳවීමට තීරණය කර තිබෙනවා.
ඒ, නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු යෙදීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහායි.
මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ මේ පිළිබඳ සාකච්ඡාව ලබන සතියේදී පවත්වන බවයි.