වර්ෂාවත් සමඟ හලාවත නගරයේ හදිසි ජලගැලීම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ හේතුවෙන් හලාවත ආනන්ද ජාතික පාසල සහ හලාවත විජය විද්‍යාල තවකාලිකව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ ජලගැලීම් තත්ත්වය හේතුවෙන් හලාවත නගරයේ ඇති මාර්ග සහ නිවාස රැසක් ජලයෙන් යටවී ඇති බවයි.

හලාවත නගරයේ ඇති කාණු පද්ධතිය අවහිර වීම හේතුවෙන් මෙම ජලගැලීම් තත්ත්වය හට ගෙන අති බව ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *