ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම අවශ්‍ය පිරිස් වෙතණය මුදල් ලබාදීම සඳහා සමෘද්ධි අරමුදලෙන් රුපියල් බිලියන 55ක් වෙන් කිරීමට රජය යෝජනා කර තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ සංවර්ධනයේ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමාජයක් ගොඩනැඟීම රජයේ අපේක්ෂාව බවත් සංවර්ධනයේ පූර්ණ ප්‍රතිලාභ සාධාරණව භුක්ති විඳින සමෘද්ධිමත් සමාජයක් ගොඩ නැඟීම වත්මන් රජයේ අපේක්ෂාව බවයි.

මෙම අදහස් පළ කළේ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (11) පැවැති සාකච්ඡාවේදීයි.

ජාතික ප්‍රමුඛතා හා අවශ්‍යතා හඳුනා ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතිද සැලකිල්ලට ගනිමින් කාන්තාවන්, ළමුන් අවදානමට ලක් විය හැකි හා වරප්‍රසාද නොලබන පුද්ගලයන්ගේ සමාජ ආරක්ෂණය හා ආර්ථික සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය නෛතික හා ආයතනික පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *