මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 25වන දින සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ මෙවර පෙරහැර මංගල්‍යයේ කටයුතු ජූලි මස 25 වන දින කප් සිටුවීමෙන් ආරම්භ කිරීමට නියමිත බවයි.

ජූලි මස 30වනදා සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතව බවයි වාර්තා වන්නේ.

ප්‍රදීප් නිලංග දෑල වැඩිදුරටත් සඳහන් කළේ පෙරහැර සඳහා අලි ඇතුන් ප්‍රමාණවත් පරිදි නොමැති වීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *