පවතින අයහපත් කාලගුණයත් සමඟ බේස්ලයින් පාර හා නාරහ්හේන්පිට දුම්රිය ස්ථාන අතර ගසක් කඩා වැටී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ ගමනාගමනට බාධා එල්ලවී ඇති බවයි.
මේ අතර අයහපත් කාලගුණය හේතුවෙන් අද (26) කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙනවා.