අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මියගිය සංඛ්‍යාව අද (29) දහවල් 12.00වන විට පුද්ගලයින් 14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ විවිධ ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම දිස්ත්‍රික්ක 24කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 132,289ක පුද්ගලයන් 442,185ක් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *