මෙරට විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 35කට අදාළව විශේෂඥ වෛද්‍යවරුන් 972දෙනෙක්ගේ හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත් කළ විගණන වාර්තාවක සඳහන් වී තිබෙනවා.

එහි දැක්වෙන්නේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ විශේෂඥ වෛද්‍ය තනතුරු සංඛ්‍යාව සැසඳීමේදී 2023 වසරේ නොවැම්බර් මාසය වන විට විශේෂඥ වෛද්‍යවරුන්ගේ මෙම හිඟය පවතින බවයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 58කට අදාළව අනුමත විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව 2,837ක් බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විගණනයට ඉදිරිපත් කළ තොරතුරු අනුව විශේෂඥ වෛද්‍ය ක්ෂේත්‍ර 50කට අදාළව එම සංඛ්‍යාව 2,740ක් ලෙස සඳහන් වී තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *