ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරන ව්‍යාපෘතිය (DTTB) ක්‍රියාත්මක කිරීමට අදාළව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කිරීම සිදු කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසොමතා අකිඕ යන අයගේ ප්‍රධානත්වයෙන්.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ,ජපාන ඉංජිනේරු උපදේශන සේවා ආයතනය වෙනුවෙන් එහි කළමනාකරණ අධ්‍යක්ෂ ගාකු අඩාචි යන අය ගිවිසුම නිල වශයෙන් අත්සන් කර තිබෙනවා.