මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුළ මෙම දිනවල විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයේ මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක් හට ගෙන තිබෙනවා.
හැටන් මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියෙක් සඳහන් කළේ හැටන් කොළඹ මාර්ගයේ වටවල, කැරලයිනා, කඩවල, දියගල, ගිණිගත්හේන, ප්‍රදේශවල මෙන්ම හැටන් නුවරඑළිය මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල, රදැල්ල, නානුඔය, යන ප්‍රදේශවල හා බගවන්තලාව මාර්ගයේද දැඩි මීදුම් තත්ත්වයන් පවතින බවයි.
එමෙන්ම විටින් විට පවතින දැඩි මීදුම් තත්ත්වයන් මත සමහර අවස්ථාවලදී මාර්ගය නිසි ලෙස නොපෙනී යන තත්ත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත මෙම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක් පවතින බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.