වෙසක් පොහොය නිමිති කර ගනිමින් රට පුරා දන්සල් 8,712ක් ලියාපදිංචිව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ දන්සල් වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් ලියාපදිංචිව ඇති බවයි.
එසේම දන්සල් පැවැත්වීම සඳහා මේ වන විට උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවත් ඒවා පිළිපැදීම දන්සල් පවත්වන්නන් සිදු කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළා.