මල්වාන දෙස සිට හරිගල දෙසට ධාවනය වූ ත්රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ප්රපාතයකට පෙරළී අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ හරිගල මල්වාන මාර්ගයේ කිරිදන ප්රදේශයේදීයි.
බරපතල තුවාල ලැබූ ත්රීරෝද රථ රියදුරු හා එහි ගමන් ගත් පුද්ගලයෙක් තොරණගහපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී රියදුරු මියගොස් තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා වයස අවුරුදු 56ක් වන කිරිදන අටාල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව පිංදෙනිය පොලිසීය සඳහන් කළා.