ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය අද (14) පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අදියර 2ක යටතේ අවධානයෙන් සිටින ලෙස නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර සහ හාලිඇළ, මහනුවර දිස්ත්‍රික්කයේ මැද දුම්බර අදියර 1 යටතේ විමසිලිමත්ව සිටින ලෙස නිවේදනයක් නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *