ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නයයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අදියර 1 යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ හපුතලේ ඇල්ල, හාලිඇල සහ පස්සර, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර සහ පාතදුම්බර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අඹන්ගඟ කෝරලය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (16) පස්වරු 4 සිට හෙට (17) පස්වරු 4 දක්වා බල පැවැත්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *