බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
එම සංවිධානය දැනුම් දී ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, හාලිඇල, බදුල්ල, කන්දකැටිය , ඌව පරණගම , මීගහකිවුල සහ සොරණාතොට ප්‍රදේශවලට නායයාම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රදේශයටද මෙලෙස නායයාම් පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස එම නිවේදනයේ සඳහන්.