භූ කම්පනයෙන් සිදුවූ හානියත් සමඟ මියන්මාරයට වැඩි වශයෙන් ආධාර අත්‍යවශ්‍ය බව විදෙස් මාධ්‍ය පවසනවා.
පසුගියදා එරට සිදුවූ 7.7ක භූ කම්පනයෙන් විශාල පිරිසකට දිවි අහිමි වුණා.
ඔවුන් විශ්වාස කරන්නේ සුන්බුන් අතර සිරවූ පිරිස් තවදුරටත් සිටිනු ඇති බවටයි.
මේ අතර භූමිකම්පාවෙන් පසු විදේශ මාධ්‍යවේදීන්ට තම රටට ඇතුලවීම මියන්මාර හමුදා රජය තහනම් කර තිබෙනවා.