මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඔලන්ටා හුමාලා සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය විසින් වසර 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ 2006 සහ 2011 වසරවල පැවති ජනාධිපතිවරණය සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමක් වන ඔඩෙබ්‍රෙක්ට් සහ වෙනිසියුලානු රජයෙන් නීතිවිරෝධී ලෙස මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට මෙලෙස සිර දඬුවම් නියම කර ඇති බවයි.

ඔලන්ටා හුමාලා සහ ඔහුගේ බිරිඳ පේරු රාජ්‍යයේ ජාතික පක්ෂය පිහිටුවීමේ පුරෝගාමීන් ලෙස සලකනු ලබනවා.

(rednewsalert.lk)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *